රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සමනය වී දේශපාලන ස්ථාවරය ද ඇති වන තුරු කිසිදු හදිසි මැතිවරණයක් නොපැවැත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු පොදු එකඟතාවයකට පැමිණ සිටිති.
ඒ අනුව ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඇතුළු මැතිවරණ හදිසියේ නොපැවැත් වෙනු ඇති අතර එම මැතිවරණ නිසි කාලයට නිසි ලෙස පැවැත් වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් "lankanewsweek" සමග පැවැසීය.
දෙපාර්ශවය අතර මේ පොදු එකඟතාවය ඇතිව තිබෙන්නේ, අගමැති වීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සිදු කළ පළමු සහ මූලික සාකච්ඡාවේදී ය.
ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට එම සාකච්ඡාවේ දී කියා ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමට තමාට හැකි බව ද සඳහන් කර තිබේ.
Lanka Newsweek © 2026